ආබාධිත රණවිරුවන්ට පහරදීම යහපාලනයද? සත්‍ය ගවේෂී සම්මන්ත්‍රණය

ආබාධිත රණවිරුවන්ට පහරදීම යහපාලනයද? යන මැයෙන් ජාතික හිමිකම් සංවිධානය විසින් මෙහෙයවූ සත්‍ය ගවේෂී සම්මන්ත්‍රණය 2016.11.24 වන බ්‍රහස්පතින්දා කොළඹ ටොරින්ටන් පෙදෙසේ නිදහස් මාවතේ ජාතික පුස්තකාල ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී ආබාධිත රණවිරුවන් හා ඔවුන්ගේ ඥාති හිතමිත්‍රාදීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.

ආරාධිත දේශනය රියර් අද්මිරාල්, සරත් වීරසේකර මැතිතුමා විසින් පැවැත්වූ අතර, ජාතික හිමිකම් සංවිධානයේ ගරු සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් මූලාසනය හෙබවූහ. සත්‍ය ගවේෂී සම්මන්ත්‍රණයේ අරමුණ පැහැදිළි කරනු ලැබුයේ ජාතික හිමිකම් සංවිධානයේ ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක බණ්ඩාර මහතා විසිනි. සම්මන්ත්‍රණය මෙහෙයවීම ජාතික හිමිකම් සංවිධානයේ ප්‍රචාරක ලේකම් ධර්මානන්ද විජේසිංහ මහතා විසින් සිදු කෙරිණ.

මාධ්‍ය ඒකකය
ජාතික හිමිකම් සංවිධානය